A B c D E F G

About us

1970, 1990   ද්විත්ව දශකය ගුවන් ගුවන්විදුලිය පරිවර්තනීය යුගයක් විය. 1972 වසරේ දී ජාතික ගුවන් විදුලියේ "ස්වදේශීය සේවය" සිංහල පළමු සේවය ලෙස නාමකරණය විය .මේ වකවානුවේදී සිංහල ස්වදේශීය සේවය යටතේ සංගීත අංශය ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කළේ ය .පර්යේෂණ ගී ,ජන ගී, ජන කවි  සී ද එස් කුලතිලක ,ඩබ්ලිව් බී මකුලොලුව වැනි වියතුන් ගේ මග පෙන්වීම යටතේ පෝෂණය වන්නට විය .ස්වදේශීය සේවයේ ජේ.එච් ජයවර්ධන ,දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා වැනි ප්‍රවීණ නිර්මාණකරුවන්  නාට්‍ය වැඩසටහන් පෝෂණය කළ අතර පණ්ඩිත් අමරදේව, මඩවල එස් රත්නායක, ඩෝල්ටන් අල්විස් ,එදිරිවීර සරත්චන්ද්‍ර යන වියතුන් සම්භාව්‍ය වැඩසටහන් නිර්මාණය කළේ ය . නිදහස් නොවන පරිපූර්ණ ජාතියකට  පරිපූර්ණ වූ සංස්කෘතියක් ද තිබේ. ඒ සංස්කෘතිය ගොඩ නැගීම් ගෞරවය හිමිවන්නේ ගුවන්විදුලියේ , සිංහල ස්වදේශීය සේවයටයි . අතීතයේ පැවති සංගීත කලාව යළි කාලානුරූපව බිහි  කිරීමටත් , එමගින් ජනතාව නිර්මාණශීලී බවට හා විචාර පූර්ණව  විචාරශීලි රසික ජනතාවක් බවට පත් පත්කිරීමටත්  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව  ක්‍රියාත්මක වු ආකාරය බොහෝ දෙනෙක් දනිති. එදා අපේ සංගීත ක්ෂේත්‍රයේ  බිහි වූ සැවොම බිහි වුයේ ගුවන්විදුලියෙනි.


සිනමාව ,රූපවාහිනිය ,කැසට් පට සිසාරා සීඩී තැටිය දක්වා බොහෝ ගායන ශිල්පීන් ,සංගීතඥයින් ගීත රචකයින් වැඩිදෙනා ගුවන්විදුලි දොරටුවෙන් ඇතුළු වී ඉන් පිට මංව  ආ අයයි. ගුවන් විදුලියේ  ස්වදේශිය  සේවය ඔස්සේ එවකට සේවයේ යෙදුණු සංගීතයට  ඇලුම් කළ බොහෝ දෙනා තම ශක්ති ප්‍රමාණයෙන් විවිධ නිර්මාණ ඉදිරිපත් කිරීමට පෙළඹුණහ. ඩී එස් පට්ටිආරච්චි මහතාගේ " ගීතමාලා "අමරදේවයන්ගේ "ජනතා ගායනා "මහගම සේකරයන් හා අමර දේවයන් එක්ව ඉදිරිපත් කළ "මධුවන්ති " "රන මියුරු " ස්වර වර්න"ඩෝල්ටන් අල්විස් මහතාගේ" විජය ගීත" ජි.එස් .බි රාණි පෙරේරා මහත්මියගේ "ගීත තරංග" වැනි වැඩසටහන් පනහ දශකයේ ආරම්භ වු වැඩසටහන්ය.


1950 න් පසු ඇරඹි ගුවන් විදුලිය පරිවර්තන යුගයේ දී නැවුම් වැඩසටහනක් හා සම්භාව්‍ය අසන්නන් පිරිසක් ගුවන් විදුලිය  වටා ඒකරාශී කර ගැනීමට සමත් විය. 1951.624 දා ගුවන් විදුලිය ශාස්ත්‍රීය සේවය ආරම්භ වීමත් සමඟ ශාස්ත්‍රීය ගායන වාදන සාකච්ඡා විද්‍යා තොරතුරු   වැඩසටහන් වලට  ඇතුළත් වේ .

මේ සියලු වැඩසටහන් ආරම්භ කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රය.  පියවරෙන් පියවර වේගවත් වර්ධනිය  කාලයකට  අවතීර්ණ වූ සිංහල ස්වදේශීය සේවය 1969 අප්‍රේල් මාසයේදී ග්‍රාමීය සේවය නමින් වෙනම සේවාවක්ද ආරම්භ කළේය. මේ කාල වකවානුව  පසුකරමින්  වසරින් වසර  විවිධ කෝණ ඔස්සේ විවිධ මාතෘකා ඔස්සේ  සංගීත වැඩසටහන්, ආගමික වැඩසටහන්, නාට්‍ය වැඩසටහන් , වාචික වැඩසටහන් ,අධ්‍යාපනික හා ක්‍රීඩා වැඩසටහන් රාශියක් විවිධ ආකෘති ඔස්සේ ජනතාවට ආකර්ශනය දිනා ගන්නා අයුරින් ප්‍රචාරය කරන්නේ ස්වදේශිය  සේවයයි. බස,විනය,සත්‍ය අදටත් රැදී රැකි පවත්නේ පෙර වැඩසටහන්  නිෂ්පාදනය කළා වූ විද්වතුන්, බුද්ධිමතුන් විසින් දෙනු ලැබූ ශක්තිමත් අඩිතාලමය.

වසරෙන් වසර එක් වූ වෙනස් වූ ගුවන් විදුලියේ ස්වදේශීය සේවා වැඩසටහන් පිළිබඳ සංක්ෂිප්ත සටහන්  1978. 10 0.2 තුන්වන සේවය ලෙස ක්‍රීඩා සේවය ආරම්භ කිරීමෙන් පසුව මෙය සිංහල ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධ විය .

1989 .6.11 "සාර සංග්‍රහය" 1989 අප්‍රේල් මාසයේදී "තෙරුවන් නමදිමු" 1991 "ආරාධිත අමුත්තා" 1993 "අධ්‍යාපන සේවය" ඔස්සේ ප්‍රචාරය වූ "සුභාරති" වැඩසටහන, ස්වදේශීය සේවය ප්‍රචාරය ආරම්භ කිරීම. 1997. 01. 6 "විශ්ව ශ්‍රවණි" 1997.2 .17 සිට බීබීසී හා ඒකාබද්ධව ස්වදේශීය සේවයෙන් රාත්‍රියෙහි 9.15 සිට 9.45 දක්වා "සංදේශය" 2008.4.1 ! “ගුවන්විදුලි ධර්ම දේශනා" දිනපතා පෙරවරු 8 - 9  දක්වාත් , රාත්‍රී 8 සිට 9 දක්වා ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය ආරම්භ කෙරිනි.

2008 ඔක්තෝබර් 9 වන දින, 1963.04.04 ආරම්භ කල "සන්ධ්‍යා සේවය", “ගොව් ගෙදරින් මහගෙදරට” නමින් කෘෂිකාර්මික අසන්නන් වෙනුවෙන් සන්ධ්‍යා සේවය වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලදී. හරවත් වූ වැඩසටහන් හා සම්භාව්‍ය පඬිවරුන්ගේ ඇසුරු ඒ හා බැඳුණු දැනුමේ නිරන්තරයෙන්ම  ගුවන්විදුලිය ස්වදේශිය සේවයට ලැබුණු නිසාම ගුවන් විදුලියට එහා ගිය දැනුම් තක්සලාවක් විශ්වවිද්‍යාලයක  බවට පත්වීය.එයින් නැනස පාදා ගන්නෝ විද්‍යර්ථිහු වුහ. සංස්කෘතික ප්‍රබෝධයේදි  විශේෂයෙන් ම අධ්‍යාපනය, ආගම දහම, සංගීතය වැනි ක්ශේත්‍රයන්හි  ප්‍රගතියට නව මාධ්‍යක් වශයෙන් සහභාගි වීමේ දී ගුවන් විදුලි ස්වදේශීය සේවය සතුව ඇති දැනුම ශිල්පීය නිපුණතාව  තාක්ෂණික හා මාධ්‍යමය ශක්තිය බෙහෙවින් උපස්ථම්භක වන්නේය. ජාතික චින්තනය අවදි කරමින් හා නව චින්තන චින්තනාවලි බිහි කරමින් අප සේවාවන් ඔස්සේ කරන්නා වු  ජාතික  මෙහෙයේදි ස්වදේශීය සේවය සිය පිරිපුන් දැනුම එක් අංශයකට පමණක් සීමා නොකොට විවිධ වැඩසටහන් හරහා සිය කාර්යය මනාව ඉටු කළේය. පන්සිල් හා සෙත් පිරිත් භාවනා වැඩසටහන්  ධම්ම චින්තා දවසේ සිතුවිලි අරඹන්නේ  එක් ජාතියකට එක්, ආගමට සංස්කෘතියකට උරුම වු වැඩසටහන් නොවෙයි . එට සමස්ත ලාංකික ජනතාවටම අවශ්‍ය වන්නා වූ මෙහෙයකි. සංගීත වැඩසටහන් ගත්තද, අධ්‍යාපනය හා ළමා වැඩසටහන් ගත්තද  කාන්තා තරුණ වැඩසටහන් ගත්තද එය ක්ෂේත්‍රයට පමණක් හිර වී කොටු වී නොමැත. දේශීය හා බටහිර වෛද්‍ය සාකච්ඡා සුභාරතී වැනි පුළුල් ජනතා මතවාදී හා සම්භාව්‍ය වැඩසටහන්  සමස්ත ගොවි  ජනතාව නියෝජනය කරමින් ප්‍රචාරය කෘෂිකාර්මික වැඩසටහන්, ආරාධිත අමුත්තා යන ජනතා ගෞරවයට හා බුහුමනට ලක් වූ සම්භාව්‍ය චරිත හා ඔවුන්ගේ අත්දැකීම් ප්‍රකට කවි කිවිඳියන් හා ආධුනික  කවි කිවිඳියන් ට ඉඩහසර  ලබා දෙන වැඩසටහන්ද ලලිත  කලා වැඩසටහන් ද ප්‍රචාරණය වෙයි. ආබාධ ප්‍රජාව වෙනුවෙන්  සකස් කළ වැඩසටහන් සමගින් ඒ ඒ විශේෂිත දිනයන්ට  අනුකුලව  නිෂ්පාදනය කරන වැඩසටහන් ජාතික උත්සව සජීව ප්‍රචාරණය හරහා රටේ පොදු ජනතාව ආමන්ත්‍රණය  කරනු ලබන්නේ මහා වගකීමක් ඇතිවය .


පෝදා වැඩසටහන් ඇතුළුව වෙනත් දමිල, ඉස්ලාම් කතෝලික ඇතුළු විශේෂ ආගමික වැඩසටහන් ද අදාළ විශේෂිත කාලවකවානු තුළදී විශේෂ දිනවලදී ප්‍රචාරණය කිරීම ගෞරවාන්විතව සිදු කරනු ලබන්නේ සමස්ත ජනතාවක ගේ ම සිතැඟි හොඳින් තේරුම්ගත් ජාතික නාලිකාවක වගකීම අකුරටම ඉටු කරමින්ය.එදා පිලේ පැදුර රත්න සභා මණ්ඩලය ළමා පිටිය වැනි වැඩසටහන් ආදිය නවමු නිර්මාණ කාර්යයන් විසින් අසන්නට ලබාදෙන්නේ ඒ ඒ යුගයන් පෝෂණිය කලාවු  විදග්ධ ගෞරවනිය දැනට සිටින සම්පත් දායකයන්ගේ දායකත්වයෙන් හා ඒ ඒ තැන්වල සිටින්නා වූ එවැනිම උගතුන්ගේ බුද්ධිමතුන්ගේ සහාය හා මඟ පෙන්වීම මතය.


වර්තමානය වන විට මුළු අවුරුද්දක් කාර්තු තුනකට බෙදා සැලසුම් සහගත නව වැඩසටහන් හඳුන්වාදෙමින් / සැලසුම් කරමින් /  ජනතා ප්‍රතිචාර හා ශ්‍රාවක ප්‍රතිචාරද සැලකිල්ලට ගනිමින් ඇවැසි දේඇවැසිතැනට ලබාදීමේ පුළුල් වැඩපිළිවෙලකට අවතීර්ණ වී සිටි. උගත් බුද්ධිමත් උපදේශක මණ්ඩලයක් මේ සියල්ල අධීක්ෂණය කරයි. ඒ මහා කාර්යයට විෂය දැනුමැති නිලධාරීන් ස්වදේශීය සේවය සතුව පවතියි. එලෙස දැනුමැති විශාල පිරිසකට මෙදා ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන ලැබීම ද ඉතිහාසගත වාර්තාවක් වන්නේය.

දැක්ම

පොදු ශ්‍රාවකයාගේ ඉටුනොවු අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා සම්බන්ධීකරණයෙහි නියැලී කටයුතු කිරීම.

මෙහෙවර

නිවැරදි තොරතුරු ලබා දීම.

දේශීය සංස්කෘතියෙහි චිරස්ථිතිය සඳහා වැඩසටහන් නිර්මාණය කිරීම.

සහභාගීත්වය , සංවර්ධනය සහ සංවර්ධනාත්මක සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කර ඉදිරිපත්කිරීමට බිම්මට්ටමේ ජීවත්වන ප්‍රජාවට ඉඩප්‍රස්ථාව ලබාදීම.

තොරතුරු තාක්ෂණ සන්නිවේදනයේ නව ප්‍රවේශයන් සඳහා වැඩසටහන් නිර්මාණය කිරිම.

වඩාත් නුතනවාදී එලඹුමකින් විධිමත් හා නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කිරීම.

උසස් රසවින්දනය සහ බුද්ධි වර්ධනය සඳහා නිර්මාණාත්මක සන්නිවේදන ප්‍රවේශයෙන් වැඩසටහන් නිෂ්පාදනය කිරීම.

අරමුණු

ලොවපුරා හටගන්නා දේශපාලන , ආර්ථික , සමාජීය වැදගත්කමක් සහිත සිදුවීම් පිළිබඳ තොරතුරු රැස්කර නිරවුල්ව ජනතාවට බෙදා දීම.

ජනතාව ජීවත්වන පරිසරය තුළ සමාජයේ ක්‍රියාශීලි පුද්ගලයන් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ හසර සලසන පොදු දැනුම රැස්කර ගැනීමට අවශ්‍ය ඉඩ සැලසීම.

මිනිසාගේ පැවැත්ම සඳහා වු අභියෝග හඳුනාගෙන ඒවාට අවශ්‍ය කෙරෙන දැනුම සම්පාදනය කිරීම.

පොදු කාරණා පිළිබඳ මුලික කරුණු නිර්වචනය , නිරවුල් කිරීමට උපකාරී වීම. පුද්ගලයා සතු කුසලතා , චරිත හා බුද්ධිමය සංවර්ධනය සඳහා වු දැනුම ලබා දීම හා උත්ප්‍රේරණය.

පුද්ගලයා සතු කුසලතා , චරිත හා බුද්ධිමය සංවර්ධනය සඳහා වු දැනුම ලබා දීම හා උත්ප්‍රේරණය.

ජාතික හෝ ජන කොට්ඨාශයක සංස්කෘතිය හඳුනා ගැනීම , ආරක්ෂා කිරීම හා සංවර්ධන කිරීම.

විනෝදස්වාදය සඳහා කටයුතු කිරීම.

විවිධ ජන කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන් , සහජීවනය සහ ගෞරවය ඇති කිරීම සඳහා කටයුතු කිරීම.

නව තාක්ෂණික වෙනස්කම් යාවත්කාලීන කොට ක්‍රියාවට නැංවීම.

අධ්‍යාපනික ගුවන් විදුලියක් ලෙස පෙනී සිටීම.

උසස් රසවින්දනයෙන් ශ්‍රාවකයා ඥානනය කිරීම.

About our team

ඉන්දික ජයරත්න

අධ්‍යක්ෂ,
සිංහල සේවා

සුජීව මානගේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ,
සිංහල ස්වදේශීය සේවය

අසෝකා බාලසූරිය

සහකාර අධ්‍යක්ෂ,
සිංහල ස්වදේශීය සේවය

ප‍්‍රියන්තනී ගමගේ

සහකාර අධ්‍යක්ෂ,
සිංහල ස්වදේශීය සේවය

සුමනා අබේසිංහ

සහකාර අධ්‍යක්ෂ,
සිංහල ස්වදේශීය සේවය

සුරීකා පෙරේරා

සහකාර අධ්‍යක්ෂ,
සිංහල ස්වදේශීය සේවය

උපාලි මාරසිංහ

සහකාර අධ්‍යක්ෂ,
සිංහල ස්වදේශීය සේවය

වජිර කරුණාරත්න

වැඩසටහන් පාලක, නාට්‍ය අංශය
සිංහල ස්වදේශීය සේවය

සුභාෂිනි සුබසේන

ජ්‍යේෂ්ඨ සංවිධායක,
සිංහල ස්වදේශීය සේවය

ෆාතිමා රාසියා

ජ්‍යේෂ්ඨ සංවිධායක,
සිංහල ස්වදේශීය සේවය

මාරිස්ටෙලා ප‍්‍රනාන්දු

ජ්‍යේෂ්ඨ සංවිධායක
සිංහල ස්වදේශීය සේවය

ඉනෝකා බණ්ඩාර

සංවිධායක / නිවේදිකා,
සිංහල ස්වදේශීය සේවය

ඉඳුනිල් ජයවර්ධන

ජ්‍යේෂ්ඨ නිෂ්පාදක,
සිංහල ස්වදේශීය සේවය

රජිත දිසානායක

නිෂ්පාදක,
සිංහල ස්වදේශීය සේවය

රෂිකා වික‍්‍රමසිංහ

නිෂ්පාදක,
සිංහල ස්වදේශීය සේවය

ප‍්‍රියදර්ශන සමන්කුමාර

නිවේදක,
සිංහල ස්වදේශීය සේවය

සේනානි වික‍්‍රමසිංහ

නිවේදිකා,
සිංහල ස්වදේශීය සේවය

FIND US ON+